Font size:
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් (ගං ඔවිල්ලක පාවේ....//) චමත්කාර යෞවනයේ හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්..... පිපිරෙන ගිනිකඳු වළකනු බෑ ලොව දම් රිද්මය අරුමයි කාලයමයි නිසි විසඳුම් දෙන්නේ පෙර සසරේ පැතු සේ පින් පිරූ හදින් පුසුඹ දැනේරන් ලේ කිරි කඳුලේ.... හිත පුරා මල් පිපෙන...... රල පෙළ සේ දල සාගරයේ සිඳී බැඳී එන පැතුම් දිගේ සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ වෙරළේ විසිරෙන සුදු පෙන පිඬු අතරේ මුතු මතු වේ බලාපොරොත්තුවේ...... හිත පුරා මල් පිපෙන......