Home/Songs/දිවිතුරා මං ආදරෙයි

දිවිතුරා මං ආදරෙයි

Divithura Man Adarei

Music: සුනෙත් කැලුම් Lyrics: මහේෂ් සමරසේකර
Font size:
ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි 
ලංව ඉන්නට බැරි උනත් මට 
(දිවිතුරා මං ආදරෙයි)...//

සැබෑ ලොව අප ලං කළා 
සිහින සහසක් විකසිත කළා 
හා.. හා.. හා.. හා.. 
සැබෑ ලොව අප වෙන් කළා 
සෙනෙහෙ මතකෙන් දුර ගියා 
ජීවිතේ මගෙ තනි වෙලා 
සිනා පිරි නෙතු බොඳ වෙලා 

ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි 
ලංව ඉන්නට බැරි උනත් මට 
(දිවිතුරා මං ආදරෙයි)...//

නොපැතු හදකට ලං වෙලා 
මගේ හද විකසිත උනා 
ආ.. ආ.. ආ.. ආ.. 
මේ භවේ ඔබ නෑ ලැබෙන්නේ 
මතු භවේ ඔබමයි පතන්නේ 
මතු භවේ කම් නෑ සිතන්නේ 
මේ භවේ ඔබමයි පතන්නේ

ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි 
ලංව ඉන්නට බැරි උනත් මට 
(දිවිතුරා මං ආදරෙයි)...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.