Home/Songs/මල්සරා බැල්ම හෙළා

මල්සරා බැල්ම හෙළා

Malsara Balma Hela

Font size:
මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා 
හිත බඳ සෙනේ මම් පවසම්ද කොයි ලෙසින් 
රන්මලී.....
මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා 

තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලේ 
විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුලේ 
ලස්සන හුරුබුහුටි කමට දිලෙනා දැතින් මකලී 
ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී
ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී 

මල්සරා බැල්ම හෙළා ..../

ලස්සන ගුණ කනක භරණ සවන් පැළඳි පොල්ල මලේ 
ඇස් නිළුපුල් පෙති ගෝමර ගෙළවට ගෙලි රුවන් මලී 
ගොස් උයනේ මගේ පැළට එළිය දෙන්න පිපුණු මලී 
වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි 
වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි

මල් සරා බැල්ම හෙළා ..../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.