Home/Songs/රහසින්

රහසින්

Rahasin

Music: ඉරාජ් Lyrics: ටිරෝන් පෙරේරා
Font size:
රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා
පිනි ඇහෙරෙන සීතලේ 
නුඹේ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ 
දඟකාරකම් නිති සිහි උනා 
ඈ මා සැනසුවා සදා.. 
මා ඈ සැනසුවා සදා..
ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල්වුවා

රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා 

සඳකඩ පහන සේ ආලය කැටයම් කලේ
සදා වෙනස් නොවෙන සේ ඔබ මා හා ....මා හා..
සදා වෙනස් නොවෙන සේ ඔබ මා හදට ලං උනේ
සුරඟන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ

රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.