Font size:
ජාති භේද ඕනෙ නෑ ආගමින් වැඩක් නෑ කලුයි සුදුයි කියලා බෑ දුක්වෙලා පලක් නෑ ඉතින් එන්න එක්වෙලා ආදරෙන් ලං වෙලා මිහිර විඳිමු සංගීතයේ ජාති භේද ඕනෙ නෑ ආගමින් වැඩක් නෑ කලුයි සුදුයි කියලා බෑ දුක්වෙලා පලක් නෑ නැහෙන ලොවේ සතුරන් වී කවුරුද දිනුවේ අද සතුටු වෙලා වෛර බැඳන් කීම ලත වෙන්නේ එක මවගේ දරුවො වෙලා එක පොකුරේ මලක් වෙලා එකම රෑනේ තරුවැල් වීලා සිතේ සුසුම් ඉවත හෙලා සිනහා පොකුරු බිමට හෙලා ලෝකය ලස්සන කරවන්නම් ජාති භේද ඕනෙ නෑ.... සොහොයුරු පෙම කවදාවත් නෑ පරදින්නේ වැට ඉනි තව බෙදාගන්න ඇයි වෙහෙසෙන්නේ පුංචි රටේ මිතුරො වෙලා සැක සංකා දුරු කරලා ප්‍රීති වෙන්න එන්න එක්වෙලා සියළු සටන් අත හැරලා අත්වැල් බැඳ එකතු වෙලා ගීතෙන් මුළු ලොව සැනසේවා ජාති භේද ඕනෙ නෑ....