Home/Songs/ශ්‍රී ලංකා මාතා (නැගිටිමු යලිත්)

ශ්‍රී ලංකා මාතා (නැගිටිමු යලිත්)

Sri Lanka Matha (Negitimu Yalith)

Music: දිනේෂ් ගමගේ Lyrics: යශෝධා අධිකාරි
Font size:
නැගිටිමු යලිත් නැවතුණු තැනින්
ලක් මෑණියේ නුඹ අත අල්ලමින්
නැගිටිමු යලිත් වැරදුණු තැනින්
ලක් මෑණියේ දිනු දේශයේ නමින්
ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා 
නමදිමු අපි සැමදා
ශ්‍රී ලංකා මාතා ප්‍රාණය සේ මාතා 
රැකගමු අපි සැවොමා...

එකමුතුකම් නැතිවුණු තැන් 
හදමුද අපි වෙහෙස වීලා
අපි නමින් ඒ විරුවන් දිවි දුන් ණය බේරා
යලි ගෙනෙමු සිංහ සේයා 
හඬ නගමු සිංහ සේනා
මව් රකිමු අප රැකෙමු සදා...

ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා 
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා...

[විල් එලුන්දි්ඩුවෝම් ඉත් තුයරිලුම්
එන් අන්නයේ උන් කරම් පට්‍රියේ
නාම් එලුන්දි්ඩුවෝම් තායි මන්නිලේ
එන් ඉදයත්තාල් ඔන්නාගවේ
ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා 
අනෙයිහිරුවෝම් උන්නෙයි...]

(ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා 
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා...//)


‍
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.