Home/Songs/පෙති ගිලිහී ගිය මල නුඹදෝ

පෙති ගිලිහී ගිය මල නුඹදෝ

Pethi Gilihi Giya

Font size:
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවුනු රළ නුඹදෝ
වළාවකින් වැසි සද නුඹදෝ
මේ ලොව දිවි කතරේ

එකම එක මලක්දෝ
මේ ලෝකය මත පිපුනේ
එකම එක රළක්දෝ 
මේ මහ සයුරෙහි නැගුනේ
එකම එක සදක්දෝ 
වළාවකින් වැසුනේ
එකම එක රුවක්දෝ
මා අභිමුව රැදුනේ...

මුකුලිත මලක් වෙලා
පෙති ගිලිහුනාට කම් නෑ
නිසල සයුරේ රළ වීලා
සැගවී ගියාට කම් නෑ
අමාවකේ සද වී 
නොපෙනී ගියාට කම් නෑ
සෙනෙහස නොලද නිසා 
වෙන් උනාට කම් නෑ..

-අජිත් මුතුකුමාරණ-

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.