Font size:
පිනිබර යාමේ සැවුලන් අඬලනවා අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා කොළඹ රේල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල අඬවාවී ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා දුක්වේවී අම්මා වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා
Singers
Data
Last updated May 2026