Home/Songs/මොනාලිසා

මොනාලිසා

Monalisa

Font size:
මොනාලිසා .......////
සඳ එළියට ඝන අඳුරට තියුණු දෙනෙත් දල්වා //
කවුරුන් හෝ එනතුරු නුඹ රහසින් පෙම් පුරනවාද //
මොනාලිසා මොනාලිසා //
සඳ එළියට .....

ඉකි බිඳ බිඳ හඬනවාද සිහිවී පෙර හද පෙම් බැදී
තද කර ලය තුල දුක් පොදි ඉන්නවාද මොනාලිසා //

හමුවී වෙන්වී තනි වී ලසෝ ගින්න ඇවිලිලාද
අතීතයත් අමතක කර සැනසීමක් සොයනවාද
මොනාලිසා මට කියන්න මම වගෙග්ම තනි වෙලාද //

උපහාසේට හිනැහෙනවද නුඹව මැව්ව සිත්තරාට
සලෙළුන් හට නුරා හැඟුම් නුඹේ වතින් මතු කළාට ...
මොනාලිසා මට කියන්න මම වගේම තනි වෙලාද ////

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.