Home/Songs/අම්මා කියලා බහ තෝරනා

අම්මා කියලා බහ තෝරනා

Amma Kiyala Baha Thorana

Lyrics: ඩිලාන් ගමගේ
Font size:
අම්මා කියලා බහ තෝරනා 
වයසේ ඉදලා නැතිවම බැරිවුනා
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් වුනා
මගහැරුනාද අම්මාව පෙම්කරන දා  
මා පෙම් කරන දා....

අම්මා කියලා බහතෝරනා 
වයසේ ඉදලා නැතිවම බැරිවුනා....

හුමාලෙට පවා මේ ඔබ පෙම් කළා නේ
මහමෙර තරමට දරුදුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ 
මා වෙනුවෙන් ඇත තවකෙක් බලා
අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා
අම්මේ  ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා
මට නෑ හමු වෙලා.....

අම්මා කියලා බහතෝරනා 
වයසේ ඉදලා නැතිවම බැරිවුනා.....

මම මයි හිතින් මේ අවනඩු අහන්නේ
ඔබේ තැනට කවුරුත්ම නෑ සම වෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ 
හැමභවයේ එනු මාගේ අම්මා වෙලා
අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා
අම්මේ  ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා
මට නෑ හමු වෙලා.....

අම්මා කියලා.....
අම්මා කියලා බහතෝරනා 
වයසේ ඉදලා නැතිවම බැරිවුනා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.