සුරතල් මුවේ කිරි මල් සිනා
Surathal Muwe Kiri Mal Sina
Font size:
සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ රජ කළා පුංචි පුතේ මා සුරතල් පුතේ සුරලෝ ඉඳන් ආවාද මෙහේ මා බාලයේ මගේ ආදරේ යලි හිමි වුනා වගේ දෑතේ පැතු හීනයේ හැඩ මා ගාවමයි අද සෙනෙහස ගෙනේ මගේ පුතා සැමදා ලද ආදරේ රුව මා වාගේමයි නුඹ දිනුවා වගෙයි ජීවිතේ මා සදා මතු දිනකදි හිරු මෙන් දිලී ජය ගන්නකෝ මගේ පුතා // දිවි මාවතේ එන සංවේදනා ලඟ සැනසුම ගෙනේ මගෙ පුතා සැමදා රන් මිණි නොවේ මට නුඹවයි අගේ අද සතුටක් දැනේ මා පැතුම් ඉටුවෙලා මතු දිනකදි හිරු මෙන් දිලී ජය ගන්නකෝ මගේ පුතා //
Singers
Data
Last updated May 2026