Font size:
ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ......... රෑන් ඇදිච්චද බලකොයි නෑනෝ ගසට බරච්චද බලකොයි නෑනෝ මල් හටගත්තට බලකොයි නෑනෝ පල හටගත්තද බලකොයි නෑනෝ...... ඔලින්ද කඩන්නට මොකක් ගෙනෙන්නේ රත්තරනින් රන් කෙක්ක ගෙනෙන්නේ කෙක්ක වෙලන්නට මොකක් ගෙනෙන්නේ (රත්තරනින් රන් කෙන්ඳ ගෙනෙන්නේ......//) මගට කන්න තන බත් මුල උයාගන්කෝ නෑනෝ පුහුල් සමඟ කිරි ඇඹුලද උයාගන්කෝ නෑනෝ නා ගස යට සපු ගස කප්පාලා (ඔලින්ද පෝරුවක් හොඳට සදාලා.....//) අත්තේ මුලට බර මල් නෙලපන්නේ අත්තේ ඔලිඳ හොර නැතිව ගෙනෙන්නේ නෙතේ බැල්ම සොර නැතිව බලන්නේ (දෙන්නාගේ පිල හිඳ ඔලිඳ කෙලින්නේ.......//)