රන් සිකි පිල්
Ran Siki Pil
Music: අමරදේව W D Lyrics: මඩවල S රත්නායක
Font size:
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...// (කොහා ඇවිත් සඳ මුඳුනේ - සිනිඳු සේල අදී සිතේදෝ)...// වැටී මල් පොකුරු ළැම පිට - පෙති ගෝමර තැලෙයි සිතේදෝ නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන් සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ (රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...// ඇලී වෙලී පවන් හමා - වත්සුණු පිස ගනී සිතේදෝ ඔයෙන් පිපෙන නාමල් කැන් - විළවුන් සිඹගනී සිතේදෝ නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන් සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ (රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//