Home/Songs/දුව මා වගේ

දුව මා වගේ

Duwa Ma Wage

Malata Babarekuse Music: ස්ටැන්ලි පීරිස් Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ 
දඟ කාර දූ කාගේදෝ 
දුව මාගේ දෝ අම්මගේ දූ නොවේදෝ 
කලුපාට දූ කාගේදෝ 

පාසල් නොයන්නේ වස කම්මැලිනේ 
කලුපාට දූ කාගේදෝ 
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ 
මගේ පුංචි දෝණි මා වාගේ 

දුව මා වගේ...

සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි 
පොඩි මල්ලියෙක් ඕනලු 
දූ මා වගේලු මා දූ වගේලු 
දෙන්නට දෙන්න යාලුවෝ 

දුව මා වගේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.