Font size:
සමාව දෙන්නම් පෙම්බර සිතකට අමාවකයි අවසන් වෙන්නේ පමා වුණත් අපි යන සංසාරයේ කඳුළයි අප හට හිමි වෙන්නේ සුසුමයි හද ලඟ නවතින්නේ රනින් රත්තරං නැතුවාට මැදුරු මාලිගා නැතුවාට ඔබේ සුවඳ ඇති මට තාම සුවඳ මලක් වෙනු හැමදාම සෙනෙහස දයාබරයි සදාදරියෙ අපි අහිංසකයි සමාව දෙන්නම්.... මල් පොකුරක් අත නැහැ රැඳිලා මංගල පෝරුව නැහැ හැදිලා අඬන්නේ නෑ සිත ඉරි තැලිලා සෙනෙහෙ සුවඳ ඇති හිත පිරිලා ඇස් දෙක කතා කරයි මල් පෙති පිබිදුණි සිනහවටයි සමාව දෙන්නම්....