Home/Songs/පුළුවන් ද ඔයාට

පුළුවන් ද ඔයාට

Puluwan Da Oyata

Font size:
පුළුවන් ද ඔයාට ඉන්නට ඔහොම
මාව දන්නෑ වගේ
කියාදෙන්න පුළුවන් ද මටත් ඉන්න ඔහොම
ඔයා ඉන්නවා වගේ ........ ඔයා ඉන්නවා වාගේ

ඔබවම මං පැතුවා හිත ඔබටම හින්දා
නෙත නොපියා නොනිදා හිස් අහසට කිව්වා
ඔබට නොපෙනෙනා රෑ සඳ මට පෙනුනා
ඔබට නොදැනෙනා ප්‍රේමය මට දැනුනා

හිත තේරුම්  ගත්තා ඔබ එන්නෑ කියලා
යටි හිත යළි ඇහුවා ඇත්තටම ද කියලා
ඔබට නෙපැහෙනා මං ඇයි ඔබ පැතුවේ
ඇසට නොසැහෙනා තරමින් මං ඇඩුවේ

පුළුවන් ද ඔයාට .........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.