අභිමාණනීය වූ නවෝදයේ
Abhimananeeya Wu Nawodaye
Music: අයිවෝ ඩෙනිස් Lyrics: ලෙස්ලි බොතේජු
Font size:
අභිමාණනීය වූ නවෝදයේ - හිරු හෙට උදයේ පායනවා සැකයේ පිණිබිඳු සිඳිලා යනවා - අලුත් දැයක් හෙට උපදිනවා...// ලංකා අපේ ජන්ම භූමියයි, අපේ පුරාණ වායුව ලංකා ලංකා අපේ මාතෘ භූමියයි, අපේ ස්වර්ග ලෝකය ලංකා ලංකා අපේ සාර භූමියයි, අපේ පරම ශක්තිය ලංකා ලංකා අපේ දීප දීපයයි, අපේ ඤාණ ශක්තිය ලංකා... අනුරාපුරයේපොළොන්නරුවේ හා සීගිරියේ සුන්බුන් අතරේ සිංහල නැණබල සිරුරේ සවිබල හැංගී ඇති සැටි බලා ඇදෙව්... ජය ගංගාවේ යෝධ වැවේ නා දිය මත ඩා බිඳු මුතු වෙනවා රළු වැලි ආරක රන් පල් ඒ දිය ඒ පොළොවේ රන්බිජු වපුරව්... කම්හල් ඇතුපල් යදම් යකුළු හා ගිගුම් දිදී බමවා කැරකී අහසේ කලු දුම් වලා සැදීලා වසිනා ආසිරි වැස්ස බලව්...