Home/Songs/දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි‍)

දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි‍)

Denuwan (Dahasin Sadi Pem Sithiwili)

Music: ඉරාජ් Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
රහසින් සැදි පෙම් සිතුවිලි‍
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳි සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි......

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතී....

(දහසින් සැදි පෙම් සිතුවිලි‍
ළමැදේ ඔබේ අතුරන්නෙමි.....//)

දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරයේදී මා ඔබ හට පරදිමි
ජීවිතේ ‍සුවඳැති ආදරේ උල්පතී
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩිවෙයි මගේ.....

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතා....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.