Home/Songs/හිතේ පිපෙන මල්

හිතේ පිපෙන මල්

Hithe Pipena Mal

Music: වික්ටර් රත්නායක Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා 
දැලේ බමර වැල් හිත වට කැරකේයා 
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා

නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ 
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ 

හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා 
දැලේ බමර වැල් හිත වට කැරකේයා 
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
  
මදන මතින් මත් විහඟුන් බමන සැදෑවේ 
සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලායේ 

හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා 
දැලේ බමර වැල් හිත වට කැරකේයා 
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.