පෙම් කතාවක
Pem Kathawaka
Music: ෂෙනාල් මද්දුමගේ Lyrics: මුර්ෂාද් හුවායිස් (මූරා)
Font size:
පෙම් කතාවක රහසේ කිමිදෙන්න සිටී හද මාගේ
අයදින්නේ මා ප්‍රේමීගේ ආලේ වැටහේවිදෝ සඳේ
මසිතේ ඇඳී පෙම් සිහිනේ දුර ඈත නිල් ආකාසේ
වලාගැබක සැඟවුයේ අපගේ පෙම් මාළිගේ...
මේ සිහිනේ සිත්තරාවියේ
පෙම් පාටින් වර්ණවත් කළේ
සායම් තව නෑ වේලුනේ
හැඬූ කඳුලින් දියවෙලා ගියේ...//
සඳේ නුඹෙ සුසුම් පොදක් මා සසරම ඔබ නතුකළා
නිමේශෙක සිනා බිඳක් මා නෙතු තුළ සදා රැඳුනා
මේ ජීවිතේ ඒ තප්පරේ ගෙවී නොගියා නම් මා පැතූ සේ
ළංවෙලා ඔය නෙතු බලාලා ඒ සුවෙන්ම මා මියැදෙන්නම්...
සංසාරෙන් සංසාරයේ පෙම් රාවෙන් මා පිනවූයේ
ගී නාදෙන් මා ගෙතු ගී වැල් කිම නුඹට නෑසුනේ...//
පෙම් කතාවක රහසේ...
මේ සිහිනේ...//