දකුණ නැගෙනහිර
Dakuna Nagenahira
Music: සුනිල් ශාන්ත Lyrics: අරිසෙන් අහුබුදු
Font size:
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකමැ දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ කන්දට කෙන්දට කොන්දට හුරුවී වන් වන් අත සුරුවී විපත පවා සැපතට හරවාලා පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු නැඟැ නැඟැ යමු දියුරේ බාධා වලටද බාධා ගෙනැ දී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ වීර විකුම් පෑ ආදි මුතුන් ගිය පාර අපේ උරුමේ නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ