Home/Songs/ගලන ගඟ

ගලන ගඟ

Galana Ganga

Music: චරිත අට්ටලගේ Lyrics: චරිත අට්ටලගේ
Font size:
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ.....
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ...

ලෞකික සැප කාලය කා දැමීමක්
නිර්වානෙට පිවිසෙන
පංච ස්කන්ධයක අස්ථිර ගතිය
මෙනෙහි මෙනෙහි
මං තාපසෙක්ම විය නුඹ දකින
පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක
සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
බිඳුනා මගේ සම වැදි සිටි
දැහැන මෙතු කලක් කැළඹිලා
සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල
ගොළු වෙලා අන්ධව අතර මග කිමද
ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
විදනසින්ව රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා.....


නීල දෑස හා......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.