මගේ තනිකම (සේයා තේමා ගීතය)
Mage Thanikama (Seya Theme Song)
Music: නිමේෂ් කුලසිංහ Lyrics: සමන් එදිරිමුණි
Font size:
(මගේ තනිකම මට වතාවක් කියයි මා නොඇසූ කතාවක්...//) අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... පැටලෙනා තරු ඇස් අගින් මුමුනනා දෑ හොර හොරෙන් කවමදාවත් වචනයෙන්වත් ඔයා කීවේනෑ ඔයා කීවේනෑ අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... පපු තුරේ දැවටී මගේ මැණික නුඹ හීනය වගේ මැවි මැවී බොද උනත් කිසිදා (එපා වෙන්නේ නෑ..//) අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... මගේ තනිකම මට වතාවක් කියයි මා නොඇසූ කතාවක්...