Home/Songs/පින්වන්ත වූ ඔයා අමනාප වී එදා

පින්වන්ත වූ ඔයා අමනාප වී එදා

Pinwantha Wu Oya

Font size:
පින්වන්ත වූ ඔයා
අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ
වෙන් කෙරුවෙ ඇයි මෙමා
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ

පූජා කරන්නම් මලක් ඔයා
නමින්
ඉන්නවාටත් ඉන්න
සතුටින් හොඳින්//

හිමිවුණේ නැතත් ඉහටත්
උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගෙ
මේ හිතේ
දෛවයෙන් පවා ගැරැහුම්
ලැබූ ආදරේ
එක්කරන්න බෑ
දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ

පූජා කරන්නම් මලක් ඔයා
නමින්
ඉන්නවාටත් වඩා ඉන්න
සතුටින් හොඳින්

පාපයක්ද මේ පහුගිය භවේ
මාකෙරූ
වෙන් කලේ ඔයා පණ වාගෙ
පෙම් කෙරූ
ආයෙ වෙන්නෙපා හමුවෙන්න
මියෙනා තුරූ
හයිය නෑ හිතේ විඳවන්න
නිරතුරූ
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ

පින්වන්ත වූ ඔයා
අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ
වෙන්කෙරුවෙ ඇයි මෙමා
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ

පූජා කරන්නම් මලක් ඔයා
නමින්
ඉන්නවාටත් වඩා ඉන්න
සතුටින් හොඳින්

පූජා කරන්නම් මලක් ඔයා
නමින්
ඉන්නවාටත් වඩා ඉන්න
සතුටින් හොඳින්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.