Font size:
(නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ)..//
පියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේ 
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

මළහිරු බැස යනවා ගනදුර රජ යනවා 
නෙත කඳුලැලි බොනවා මා මෙහි වැලපෙනවා සොයාලා 

සුරංගනා ලොවක් පෙනේ ඔබේ සුනිල් දෑසේ 
ලැගුම් ලබා සුවෙන් ඉමී මම අද රහසේ 

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

පැතුම් ලොවේ ගිමන් සැදූ ප්‍රියාවියේ මගේ 
ඉතින් යලී සිනාසෙමු උදේ මලක් වගේ 

ලුහුබැඳ ආමි සොයා සංසාරේ    
ලුහුබැඳ ආමි සොයා සංසාරේ 
පියමැන හැම වාරේ ඔබ යන අඩි පාරේ 
රුවන්ගිරේ සුපුන් සඳේ පෙනේ පෙනේ ජාලා 
පාර කියයි නුවන් ගැබේ රන් තරු පායා

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ..//
ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ..///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.