අම්බිලි මාමේ
Ambili Mame
Music: C T ප්‍රනාන්දු Lyrics: R N H පෙරේරා
Font size:
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ...// පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ වටින් පිටින් ඇදෙන්නේ මුහුන ඔබේ පිසින්නේ සේද යොදා සැදූ වලා සළුද කියන්නේ (පාත බලන්නේ.... මුව විහිදන්නේ... රිදී සිනා පපා මෙලෝ එලිය කරන්නේ...//) අම්බිලි මාමේ.. සිසිල් සුලං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ අඳුරු කලා දසත බලා පැනලා දුවන්නේ (තුරු නැලවෙන්නේ.... සුවඳ හමන්නේ... කුසුම් තලා රේණු සලා බිම සරසන්නේ..//) අම්බිලි මාමේ.. සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ (සිරස සදන්නේ... රැස් පළඳන්නේ.... සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ..//) අම්බිලි මාමේ..