Home/Songs/සඳලතා නගේ

සඳලතා නගේ

Sandalatha Nage

Music: H M ජයවර්ධන Lyrics: ලූෂන් බුලත්සිංහල
Font size:
සඳලතා නගේ ගඟ ගැඹුරුයි 
ආදර දිය කඳ වියරුයි 
පීනන්නට බහින්නෙපා 
ස්වර්ණ හංසියේ 

අකුරට යන බොළඳ ළියේ 
මෝරන මල් කැකුළ වගේ 
පිණි ගොල්ලේ ඉර හඳ මැද්දේ 
නැන හිරු රැස් වැටෙන තුරූ 
පෙති ඉහිරී පිපෙන තුරූ 
සඳලතා එපා ආදර බඔරූ

සඳලතා නගේ ගඟ......

යන මඟ ඉඩ තිබී නගේ 
දෑස දෙපස පෙනී නුඹේ 
කුමටද මේ බැදිවල යන්නේ 
නැන හිරු රැස් වැටෙන තුරූ 
පෙති ඉහිරී පිපෙන තුරූ 
සඳලතා එපා ආදර බඹරූ

සඳලතා නගේ ගඟ......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.