Home/Songs/සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

Santha John Ge Weediye Kade

Font size:
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...

මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු//
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසු වෙනතුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ...//

සාන්ත ජෝන්ගෙ…

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ලා//
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන් පාටැති
නන් නන් මාළුත් විකිණෙති//
රට ලබු වම්බටු කරපිංචද
සේරද විලුණන්නෙය...//

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළුවෙළඳාම...
සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.