Font size:
සිරිපා මලුවේ පියගැට පෙල මත සඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක නැති මුත් බැලුවේ හිනැහී මා දෙස සිත නැත සෙව්වෙ ඔබමයි සැම විට මා ගැන මට අමතක වූවා වාගෙයි සිතුවිලි සිත අවනත නැතුවා වාගෙයි සංසාරේ හුරු සුවදක් දැනුනා වගෙයි ඔබ හමු වෙන්නම මා මෙහි ආවා වගෙයි. කිසිදා නොලැබූ මුද හැගුමක් වාගෙයි මට හිමි දේ ඔබ ලග ඇතුවා වාගෙයි පැතුමක සිතුවම් සිත ලග ඇදුනා වගෙයි දැන් මට ඔබ නන් නැතුවම බැරුවා වගෙයි.
Singers
Data
Last updated May 2026