ඕලු නෙලුම්
Olu Nelum
Music: සුනිල් ශාන්ත Lyrics: මර්සලින් ජයකොඩි පියතුමන්
Font size:
(ඕලු නෙලුම් නෙරිය රඟාලා කිකිණි හඬන වළා නගාලා.....//) ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල් ගා යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ (කිරල කිරිල්ලි කුඩුවේ ලගී කුරුළු පන්ති නාද දී නගි.....//) නැඹුරු වී බලා කුඩා සුදුවලා ඔබේ රුවට වශී වෙලානේ..... යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ........ (කබර ගොයා උගේ සුරතලී සොයා ඇදේ නගා දිය සුළි.....//) කොකුන් කිරි වගේ නැගේ වෙල දිගේ ඔබත් කොකුන් රැලක හැඩයිනෙ...... යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ......
Singers
Data
Last updated May 2026