Font size:
අද වෙයි ඉරු දින, ඔබ හමුවෙවිද ඔබ හා බැඳි හද, අද නොතැවේවිද මගෙ හද විල මැද, සැලෙන ඕලු කොඳ අද සුපිපේවිද, මගෙ සිත තුටු වේවිද සතියෙ දින හත, ගැන ගැන මගෙ සිත ඉරිදා දින මත, මගෙ පැතුම් රැඳී ඇත සද පායන තුරු කුමුදු පිපෙන තුරු මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු අද වෙයි ඉරු දින.../ ඔබෙ සියුමැලි වත, පණගන්වයි සිත පැටලී හදවත, සැමදා පවතිනු ඇත ඉරිදා දිනකට, ඇති මගේ සහතික මැන බර කිරුමට, හැකි වෙවිද කෙනෙකුට අද වෙයි ඉරු දින.../
Singers
Data
Last updated May 2026