ආදරේ ගින්දරක්
Adare Gindarak
Music: ශාන්ත ජයලත් Lyrics: චන්න ජයනාත්
Font size:
සිහින නිදියන තාරුකා වැස්සේ කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ ආදරය ගින්දරක් ගින්දරක් දැවි දැවී අළු වෙනා මට මමත් නැති වුණා සිහින නිදියන තාරුකා වැස්සේ කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ... සෙනෙහසට පින් කෙතක් ඔබ පායනා සඳක් ඇති ඉතින් තනි වුණා හිතවත් සුසුම් පවා දුප්පත්කමක් කියා මග හැර සෙමෙන් ඔහේ ගියා ආදරය ගින්දරක් ගින්දරක් මට මමත් නැති වුණා ඇති ඉතින් තනි වුණා... සිහින නිදියන තාරුකා වැස්සේ කඳුළු ගුලි වෙයි වේදනා මත්තේ... ගිනියම් සිතක් දිගේ මැදියම් සඳක් නැගේ නිසසල සුසුම් ළං වෙනා ඔබේ සුසුම් තේරුණා ආදරේ පේවුණා සිතුවිලි අපේ යා වුණා ආදරය ගින්දරක් ගින්දරක් සිසිල විය නිවි නිවී මම යළිත් ඉපදුණා සොඳුරු ඇස් දෙස බලා හදවතක් හිනැහුණා...