Home/Songs/ගිනි කඳු පුපුරන

ගිනි කඳු පුපුරන

Gini Kandu Pupurana

Font size:
ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි 
හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි 
තරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයි 
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා...  

අප දෑස පේනවා දෙසවන්ද ඇසෙනවා 
කුසගින්න මැවෙනවා රස එමට තියෙනවා 
ජීවිතේ ඔහේ ගෙවන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ 
වළඳෙත් මුකුත් නැතේ...

Time is strong with me
Sun and moon to disappear
Don't wait until tomorrow
Love the ones in sorrow

මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම් 
ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම් 
කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින් 
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින් 
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.