නොදැනුවත් කමට
Nodanuwath Kamata
Music: චමත් සංගීත් Lyrics: සජිත් චතුරංග
Font size:
නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමණ දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා..... මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා කට කොනින් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදො කියාලා විහිලුවෙන් අහනවා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා..... අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා දුකින් ඉන්න එපා යයි පතනවා ඔබට මා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා..... නොදැනුවත්කමට පෙරදා.......