මගේ ලොවට ඔබ
Mage Lowata Oba
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා තරුවක් වාගේ හෙටත් නොපායන මගේ යොවුන් හද ප්‍රාර්ථනා අදත් එදා මෙන් බලා හිදී මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි පෙර මග නෙතු දල්වා ආදරයේ මුතු පියවිලි අතුරා කවදා හෝ එක් අරුණ උදාවක මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා ආදරයේ රන් කවුළු පියන් හැර වසන්තයේ පණිවුඩය සිතින් ගෙන මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා...///
Singers
Data
Last updated May 2026