Home/Songs/යමං බණ්ඩො

යමං බණ්ඩො

Yaman Bando

Font size:
යමං බණ්ඩො වෙසක් බලන්න - ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල -  මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ
බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ - රජ්ජුර්වෝ මම බණ්ඩෝ
ඒයි බණ්ඩො යමන්කො ඩෝ - කොළඹ වෙසක් බලපන්ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ - කොළඹ ගෑණු ලස්සනදෝ

බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට - නැමි පනාව ගහල උඩට
ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ - අන්න බණ්ඩ යනව කොළඹ
ඩබල් ඩෙකර් යනව පාරෙ - අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු උණොත් මගෙ මැණිකේ - මං මැරෙනව කොළඹ නගරෙ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.