සිතුවිලි සිරවී
Sithuwili Siravi
Music: H M ජයවර්ධන Lyrics: කුසුම් පීරිස්
Font size:
(සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැලපෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා...//) ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ සිතුවිලි සිරවී.... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබෙයි මගෙයි ලොව කදුළු දකී සිතුවිලි සිරවී....//