මිටින් මුදා හැර බැලුවෙමි
Mitin Muda Hara Baluwemi
Font size:
මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ගිලිහී සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී // සැගෙව්වාට වළාකුලක් දුහුලින් කලා සපිරි සඳ වැසුනාදෝ හමා ගියද මාරුතයක් සුළඟට තරු එළියක් නිවී යාවිදෝ මිටින් මුදා හැර .... කඩා වැටෙන මහ වැස්සට සේදී මලක පැහැය දියව යාවිදෝ සමුගන්නට සිදු වුවත් අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ මිටින් මුදා හැර ....//
Data
Last updated May 2026