Home/Songs/ලිහිණි හෙළ

ලිහිණි හෙළ

Lihini Hela

Music: රුවන් වල්පොල Lyrics: මංජුල වෙඩිවර්ධන
Font size:
මේ මේකුළු ගොමුවේ
මා ඇයමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ
 
ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා
 
මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා

ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.