Home/Songs/තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්

Thawa Eka Sarayak Ona

Font size:
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
එක මලකට පෙම් කළ සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ 

තව එක සැරයක් ...........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.