Font size:
අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා එතකොට ගී පද ලියැවෙනවා රඹවන් හේනේ කරල් පැසෙන කොට අඹ මල් ගානේ ගිරව් හඬන විට දොඹ තුරු මානේ සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට සි ති විලි ඉගිලෙනවා දඬු වැල් බෑ මී සුවඳ දැනෙන කොට පඬුවන් අහසේ තරු පායන විට හැඬුමට නොහැකිව දෙඇස වසන මට ඔබ ගැන සිහි වෙනවාඑතකොට සිහිනය උපදිනවා
Singers
Data
Last updated May 2026