රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
Ran Malak Lesa
Font size:
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ ලෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින් පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින් මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
Singers
Data
Last updated May 2026