Home/Songs/අනන්ත සංසාරේ

අනන්ත සංසාරේ

Anantha Sansare

Sankranthi
Font size:
අනන්ත සංසාරේ මගේ දෑතේ නුඹ බැඳීලා 
ගෙවා ආ මග අමතක වීලා 
හද පුරා ආදරෙන් තුරුළු වී රැකගනිම්// 
මල මිටයි නෙලූ සිහිනෙන් 
නුඹ මගේ ජීවිතේ... 

මා නෙත් විලේ පිපි කුසුමන් ලෙසේ 
විහිඳා සුවඳ දනේ දසතේ 
රෑ තුන් යාමේ හදවත හා වෙලී 
පාළු මකණු මෙන පෙරසේ 
මල මිටයි නෙලූ සිහිනෙන් 
නුඹ මගේ ජීවිතේ...

වසන්ත මල් ගොමුවේ මද පවන් සමග වෙලිලා 
පිපි හිනැහෙමු රොන් කෙමි තවරා 
නෙත් විදා තරු ලෙසින් දීලි දිලී අවදිවෙන්// 
මල මිටයි නෙලූ සිහිනෙන්  
නුඹ මගේ ජීවිතේ...///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.