Font size:
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ අකුරු තුනක සැඟවූ නුඹගේ අපරිමිත සෙනේ අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ වැටෙන කඳුළු මුතු කරවා මාගේ ලොව සදා අඳුර වැටුන බිය ද දැනෙන මාවතෙන් මුදා යන්න පුතුනි මග මෙයමයි ආදරෙන් කියා ලොවම දිනුව දෙස බලලා නුඹ සිතින් රජ වුණා අම්මා නුඹ පෙනෙනා .......... දැවෙන සසරෙ යලි කිසිදා හමුවන්න එපා යලිත් දිනෙක හමුව මෙලෙස යන්න යන නිසා සිතට දැනෙන මේ දුක නම් නැවත මට එපා අම්මේ නුඹ සෙනෙහස නැති දා දුකට නෑ නිමා අම්මා නුඹ පෙනෙනා ..... තුරුපත් සැලෙනා ........
Singers
Data
Last updated May 2026