ආල පුරන්නට
Aala Purannata
Music: තුසිත් නිරෝෂණ Lyrics: චානක ජයසේකර
Font size:
ආල පුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත ලෝභයි රෑසිරි මවන්න නැකත ළඟයි.....// තරිකිට දොම් දොම් අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි හෙළ ගී ජන ගී රැව් දෙන්නයි සූරිය මඟුලට එක්වෙන්නයි.....// සාර සපිරි අස්වැන්නක සාක්කි දෙන්නයි රට වට රට මැද හැමතැන කිරි උතුරන්නයි පිරිත් පැනින් මුදු සළඟ ලොවට හමන්නයි නව අවුරුදු සිරිත් විරිත් ජය කැන්දන්නයි..... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත..... තරිකිට දොම්.....// රුදංගයට ගැට බෙර හඬ මුසු වී යන්නයි විරු බලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි මහ ගෙදරින් හිරු මඟුලට ජය කැන්දන්නයි..... දොන්ත බබක්කට..... ආල පුරන්නට...... තරිකිට දොම්.....//