Home/Songs/මා නොගැයු ගීතේ

මා නොගැයු ගීතේ

Ma Nogayu Geethe

Music: උදාර සමරවීර Lyrics: චමින්ද ගමගේ
Font size:
චිත්‍රපටය : ආදරණීය කතාවක් (2016)

මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ 
රෑ පිපුණු කඳුලේ සිසිලයි හද පුරන්නේ 
මාගේ සිතේ සෝ සුසුම් පිසලනා 
අරුතක් තිබේ සැනසෙනා 

මා නොගැයු ගීතේ 
හැබහින් මා විඳින්නේ 
රෑ පාළු අහසේ 
සඳටයි තනි රකින්නේ 
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා 
ගඟුලක් තිබේ නොසිඳෙනා..... 

ලා.. ලා.. ලා.. හා.. හා.. හා..
ලා.. ලා.. ලා.. හා.. හා.. හා..
 
කඳුළ කටු ගෑ නිහඬ කවියේ 
මියුරු තනුවක් මැවේ 
තනිය ඉකිලන නුහුරු ගමනේ 
සුන්දර අත්වැල් බැඳේ 

හිස් අහසේ මන බඳින පද කල්පනා 
සිත් යායේ මුමුණන්න ගීයක් වෙලා 
දෙසිතක හැඟුම් මුසුවෙනා 

මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ.... 
මා නොගැයු ගීතේ හැබහින් මා විඳින්නේ.... 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.