Font size:
ඇහැලේපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ// සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා බෝගම්බර නුවර වැවේ හැම වැලි ඇටයක් පවා ආඩම්බර කඳුළුවලින් - අප ශෝකය නිවනවා// ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කලා හිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා මම අයියණ්ඩියේ කියා.... යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණෙට බියවී අයියා - අම්මා ළඟට පැන ගියා ඒ රජාගේ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා කඩු පහරින් වෙන් කළා.... මද්දුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියට දා කොටන්න ඒ ඒ රජිදා අණ කළා එහෙම හිතක් එහෙම තැනක් ඉතිහාසය නෑ අනේ පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිහි වුණේ පුංචි පුතෙක් බිහි වුණේ.....
Singers
Data
Last updated May 2026