Home/Songs/චන්ද්‍ර බිම්බයුරු

චන්ද්‍ර බිම්බයුරු

Chandra Bimbayuru

Music: නාරද දිසාසේකර Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්‍ර බිම්බයුරු...//

අදත් සිනාසී හමුවූ අයුරින් 
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින් 
අප හමුවිය යුතු වේ...

චන්ද්‍ර බිම්බයුරු...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.