Home/Songs/උන්මාද වූ ප්‍රේමාදරේ

උන්මාද වූ ප්‍රේමාදරේ

Unmada Wuu Premadare

Music: රෝහණ වීරසිංහ
Font size:
චිත්‍රපටය : සප්ත කන්‍යා (1993)

(උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ...//)

(රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනක සුදු මුදු පහස ලැබේදෝ...//)
ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ...

සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ....

(කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ...//)
චන්ඩ මරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ‍දෝ...

සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ....
(ඉඳුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ....//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.