Home/Songs/හොඳ සිරියාවයි

හොඳ සිරියාවයි

Honda Siriyawayi

Font size:
හොඳ සිරියාවයි ආකාසේ - වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ - වාසනාවට ආදරේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ

පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ - වේදනා දෙන්නේ නෑ
දිවි හිමියෙන් ඔබ ළඟ මං - ඉන්නෙමී පා සෙනේ

රැල්ලයි වෙරළයි වාගෙනේ - ඈත යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ

පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
නෙතු අග රැදුන ඔබේ  - රුව මැකී යන්නේ නෑ
එක හිතකින් ඔබ වෙත මං සෑමදා ළං වුණේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.